ව්‍යාපාරික පුවත්

සමස්ත මූල්‍ය පද්ධතියෙහි ස්ථායිතාවය සහ සුරක්ෂිතතාවය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන අනුව, බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදුකරනු ලබයි. කෙසේ වෙතත් තමන් විසින් සිදුකරනු ලබන නියාමනය සහ අධීක්ෂණය, බලපත්‍රලාභී මුදල් සමාගම් ද ඇතුලුව කිසිදු මූල්‍ය ආයතනයක අසාර්ථකවීමක් අනිවාර්යයෙන්ම වළක්වන බව සහතික නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක් හරහා මහජනතාව වෙත දැනුම් දී සිටී.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, යූ බී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ්, රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී යන බලපත්‍රලාභී මුදල් සමාගම් 8 මේ දක්වා සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බවයි. එසේම එම විධානයන්ට අනුකූල වීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

එසේම තවත් බලපත්‍රලාභී මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී, සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බවත්, ආයතනය විසින් මේ දක්වා ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ පිළිගතහැකි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මෙම නිවේදනයෙහි අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවයට අනුකූල නොවන බලපත්‍රලාභී මුදල් සමාගම්වල නාමයන් සඳහන් කර ඇත්තේ එය තැන්පතුකරුවන්ට සැලකිය යුතු අවදානමක් ඇති කරන නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More