මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පණවා තිබෙන ප්‍රදේශවල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින ලෙස එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වල සිට පැමිණෙන නීතීඥවරු අලුතින් නඩු ගොනු කිරීමට, නඩු පරිශිලනය, මෝසම් ගොනු කිරීමට, සහතික කල පිටපත් ලබා ගැනීමට හෝ වෙනත් කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලය පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා දන්වයි.
එමෙන්ම අනෙකුත් විවිධ පාර්ශව ද නඩු කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට නොපැමිණෙන ලෙස ද ඔහු දන්වා සිටී.
මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ විශේෂ නිවේදනය උපරිමාධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ප්‍රධාන දොරටුවේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
මෙම තීරණය නිරෝධන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය දක්වා බලපැවැත්වෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය දන්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...