දේශීය පුවත්

මාධ්‍යට කොවිඩ් තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාදෙන විට එය සිදුවිය යුත්තේ ඊට අදාළ බලයලත් අංශ හරහා පමණක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය සේවකයින් වෙත දන්වා සිටී.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල්වල අධ්‍යක්ෂවරු සහ අධිකාරිවරු වෙත වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් යවා ඇති ලිපියෙහි මේ බව දැක්වෙයි.

යම් රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට ගිය පසු ඒ පිළිබඳ තොරතුරු රෝගීන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වට බලපෑම් එල්ල වියහැකි බැවින් මාධ්‍ය වෙත හඬපට, ජායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස නිකුත් නොකළ යුතුබව දන්වයි.

රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට යන්නේ නම් එවැනි අවස්ථා ආවරණය කිරීම මාධ්‍යට ඉඩනොදිය යුතු බවද එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙයි.

අමාත්‍යාංශ ලේකම්ගේ ලිඛිත අනුමැතියකින් තොරව නිල තොරතුරු හෝ තම මතය මාධ්‍යට හෝ ජනතාව වෙත නිකුත් කිරීම රජයේ නිලධාරීන්ට තහනම් බවද එම ලිපියෙහි සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More