රජය ඉවත්කර ඇති සීනි, පරිප්පු ,ලූණු සහ ටින්මාලු ආනයන බදුවලින් වසරක් තුල රු මිලියන 36,000 ක් රජයට අහිමි වන බවත් එය දින 10 ක රාජ්‍ය සේවකයින්ගෙ වැටුප් වියදමට සමාන බවත් කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි .
සීනි කර්මාන්ත පාඩු නොවී පවත්වාගැනීමට නම් කිලෝවක මිල රු 140 ට පැවතිය යුතු බවත් මෙම තීරණයයෙන් එම කර්මාන්ත බිමටම සමතලා වීමට ඉඩ ඇති බව පවසන ඔහු වගා නොකල ඉඩම් වල උක් ගස් වවා කර්මාන්ත සදහා ආයෝජකයන් කැඳවීම සහ පවතින කර්මාන්තවලට පණ දීම සිහිනයක් පමණක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
රටට අවශ්‍ය මුලු ටින් මාලු ප්‍රමාණයම ටින් කළහැකි ධාරිතාවක් ඇති කර්මාන්ත ශාලා 6 ම වැසී යනු ඇති බවත් ප්‍රකාශ කරන ඔහු ටින් මාලු කර්මාන්තශාලා සදහා මාලු ඇල්ලීම ඉහල දැමීමෙ සැලැස්මට අවශ්‍ය ධීවර නැව් සදහා ආයෝජනය කිරීමට අදහස් කල ආයෝජකයන් පසු බසිනු ඇති බවද තව දුරටත් ප්‍රකාශ කරයි.
රටේ ප්‍රධාන වගා කන්නය වන මහ කන්නයේදී මෙතෙක් ධෛර්යමත්ව සිටි ගොවීන් රජය කෙරෙහි ස්ථිර වශයෙන්ම කල කිරෙනු ඇතැයි පවසන ඔහු කෘෂිකාර්මික වෙලදපොල පිලිබදව මූලික අවබෝධයක් නොමැති පිරිසක් ලොකු ලූණු මිල තීරණය කර ඇති බව පවසයි.
වසර අවසානයේ මත්තල ගුවන්තොටුපලේ වියදමට සමාන මුදලක් අල ,ලූණු සහ එලවලු ආනයනයට වැය කර ජනපතිගේ කර්මාන්ත පුනර්ජීවන වැඩපිලිවෙල සහ කෘෂිආර්ථික උපායමාර්ගික සැලැස්ම දිනකට රු 5 කින් ජීවන වියදම අඩුකිරීමට යාමෙන් මහා අප්‍රසාදයක් සමග ආපසු හරවනු ඇතැයි ඔහු කනස්සල්ල පලකරයි.
ඔහුගේ ගණනය කිරීම පහතින්.
ජීවන වියදම අඩු කිරීමේ සැලැස්ම කෘෂි ආර්ථික අධ්‍යනයක් සදහා .
2020-10-14
බී ලුණු මිල ක්‍රියාත්මක වේ නම් එක් පුද්ගලයෙකුට දිනකට රු 9.55කි
එසේ නොවේනම් රු 5 කි.
සතොසේ පමණක් නොව ලක්ෂ 2ක් වන ලියාපදිංචි කළ සහ නොකළ සියලු වෙළඳසැල් සහ 1000කට වැඩි සියළු සුපිරි වෙළඳසැල් වල නව මිල ක්‍රියාත්මක වේ නම් පමණි .
ගොවීන්ගේ බී ලූණු මිල රු කිලොවක් රු120-150 ක් පමණ වන අතර බදු රහිත ආනයන මිල මෙහෙයුම් ගාස්තු නොමැතිව රු 120 කි. බී ලූණු කිලොවක මිල රු 100 ට තීරණය කිරීම බබෙකුගේ වැඩක් බව පෙනේ.
බී ලූණු අස්වනු තවම නෙලන බැවින් 20 වෙනි සංශෝධනයට මෙන් විරෝධයක් බී ලූණු වලටද පැන නැගීමට ඉඩ තිබේ.
(ජනගහනය මිලියන 22.)
වාර්ෂික සීනි අවශ්‍යතාවය ටොන් 6,50,000
දිනක පරිභෝජනය- ටොන් 1780
එක් පුද්ගලයෙක් දිනකට ග්‍රෑම් 80.
බීම සහ රසකැවිලි සහ කසිප්පු කර්මාන්ත සදහා 30 % භාවිතා වේනම් එක් පුද්ගලයෙක් දිනකට ගෘහස්ථව ග්‍රෑම් රු 56.
මිල අඩු කිරීම 140-85= රු 55.(ශත 5500)
ග්‍රෑම් 1ක් ශත 5.5
එක් පුද්ගලයෙකුගේ දිනක ජීවන වියදම අඩු වීම රු 3
ටින් මාලු වාර්ෂික ආනයනය ටොන් 95000.
දිනකට ටොන් 260.
එක් පුද්ගලයෙකු දිනකට ග්‍රෑම් 11.
සියල්ල ග්‍රෑම් 425 ටින් ලෙස සලකා මිල අඩු කිරීමෙන් අඩුවන මිල 260-200= රු60
කිලෝවකට රු 141.(ශත 14100)
ග්‍රෑම් 1ක් ශත 14.
දිනක පුද්ගලයෙකුගේ වියදම අඩුවීම රු 1.55.
බී ලූනු වාර්ෂික අවශ්‍යතාවය ටොන් 245,000.
දිනකට ටොන් 657.
එක් පුද්ගලයෙකු දිනකට ග්‍රෑම් 30
කිලෝවකට මිල අඩු කිරීම 250-100=රු 150.
(ශත 15000)
ග්‍රෑම් 1ක් ශත 15
(මෙය ක්‍රියාත්මක කිරීම සැක සහිතයි.ගොවීන් කිලෝවක් පසුගිය සමයේ රු 120-160 කට අලෙව්කරන ලද අතර බදු රහිතව ආනයන මිල රු 120කි).
එක් පුද්ගලයෙකුගේ දිනක වියදම අඩුවීම රු 4.50.
පරිප්පු වාර්ෂික ආනයනය ටොන් 120,000
දිනකට ටොන් 328
එක් පුද්ගලයෙකුට දිනකට ග්‍රෑම් 14
මිල අඩු කිරීම 180-150 =රු 30(සතොසේ පමණි-ශත 3000)
ග්‍රෑම් 1ක් ශත 3
එක් පුද්ගලයෙකුට දිනකට මිල අඩුවීම ශත 42.
එකතුව 3+1.50+4.50+0.42= රු 9.50.
ලූණු රහිතව රු 5.
ගොවි නිශ්පාදන මිල වැටීම, ජනපතිගේ ටින්මාලු සහ සීනි කර්මාන්ත සැලසුම් බිද වැටීම දිනකට රු 5ක ජීවන වියදම පහල දැමීමට යාමෙන් සිදුවීමට ඉඩ තිබේද.
පහල දැමීමට උත්සාහ ගත් මෙම භාණ්ඩ අඩංගු මහ බැංකු වාර්තාවල ආනයන කුලකය වන “එලවලු” ආනයන වියදම මේ දුෂ්කර වසරේ ඩොලර් මිලියන 300 ඉක්මවා(මත්තල ගුවන් තොටුපළ මිලියන 300කි). යාමෙන් විදේශ විනිම අර්බුදය තව දුරටත් උග්‍ර වී රුපියල අවප්‍රමාණ වීමට තවත් දායක වේවිද?
මෙම භාණ්ඩ නොමැතිව මේ මොහොතේ ජීවත් වීමට අසීරුද?
මෙය වැඩදායකද ප්‍රබල සහනයක් සේ මහජනතාවට දැනේවිද ?
ගොවීන් සහ කර්මාන්ත කරුවන් අධෛර්යට පත්වේවිද? සැලසුම් තාවකාලිකව හෝ බිද වැටේද ?
ජනපතිගේ ආර්ථික වැඩ පිලිවෙල පීලි පනීවිද?
පසුගිය සමයේ කරන ලද නිෂ්පාදන ආයොජන අහිමි වේවිද?
“කල දුටු කල වල ඉහගන්නා” ආනයන කරුවන්ගේ සහ කොමිස් කාක්කන්ගේ උප්පරවැට්ටියක්ද?
මේ මොහොතේ කල යුතුම දෙයක්ද?
අරුණ කාන්ත බණ්ඩාර
(සංඛ්‍යා තොරතුරු නිවැරැදි භාවය මදක් වෙනස්විය හැක)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...