අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු කියා සිටියි.
කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග බස් කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුන පා ඇති බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කිසිදු විසදමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ බස් කර්මාණ්තයට ආණ්ඩුවෙන් කිසිදු සහනයක් නොලැබුන බවත් බස් සංගම් කළ යෝජනාවලට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතාචාර නොලැබීමෙන් බස් කර්මාණ්තය බරපතල අනතුරකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනිකව ධාවනය වූ පෞද්ගලික බස්රථ 21,000 සිට 12,000 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...