දේශීය පුවත්

යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක් ඊයේ (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය සෙන්පැටික්ස් කතෝලික පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එහිදී පාර්සලයක ඔතා සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් තිබී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.

අදාල පුපුරණද්‍රව්‍ය තොගය සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර එ්වා යම් විනාශයක් සඳහාද එසේත් නැතිනම් මසුන් ඇල්ලීම සඳහා යමෙක් රැගෙනවිත් සඟවන්නට ඇත්දැයි යන්න පිළිබඳව සෙවීම සඳහා විශේෂ පරික්ෂණයක් ආර්ම්භ කොට ඇති බවටද යාපනය පොලිස් විශේෂ ාකර්ය බලකාය වැඩිදුරටත් පවසයි.

පොලිස් විශේෂකාර් බලකායේ කලාපඅණදෙන නිලධාරී හා ප්‍රාදේශීය අණදෙන නිලධාරීවරුන්ගේ උපදෙස් හා අධීක්ෂණයන් මත යාපනය පොලස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක් කුමාර් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More