දේශීය පුවත්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන රටට හිතකර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වත්මන් ආණ්ඩුවේ නුවණට හුරු බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ ගෝලීයකරණට ගැලපෙන, රටේ ස්වාධිනත්වය සුරැකෙන, සදාචාරත්මක ,රට දියුණුව කරා රැගෙන යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙලට රටේ සියලූම පාර්ශවයන්ගේ දායකත්වය සහිත ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතර එවැනි නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ පුර්ණ සහයෝගය ආණ්ඩුවට ලබාදීමට සුදානම් බවයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත නොකළ යුතු බවට ශී‍්‍ර ලංකා අමරපුර රාමඤ්ඤ සමාගි‍්‍ර මහා සංඝ සභාව විසින් පසුගියදා නිකුත් කෙරුණු නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය

ජනාධිපතිවරයා විසින් සකස් කළ බව කියන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඔහු හැර මේවනවිට මුලූ රටේ බහුතරයක් අකමැතියි. අමරපුර රාමඤ්ඤ නාහිමිවරුන් පවා එකාබද්ධව 20 වන සංශෝධනයට තමන්ගේ විරෝධය ප‍්‍රකාශ කර තිබෙනවා. එය ඉතාමත් අගය කළ යුතුයි.

මගේ මතය හා ස්ථාවරය වන්නේ ආණ්ඩුව මෙම සංශෝධනය වහා අකුළා ගත යුතු බවයි. ඉන් පසුව ආණ්ඩුව කළ යුතුව ඇත්තේ සියලූම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සදහා වන ජාතික වේදිකාවක් වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

20 වන සංශෝධනයේ සදහන් කිසිම කරුණක් මේ රටට යහපතක් සිදු නොකරන අතර එම සංශෝධයෙන් මේ අවස්ථාවේ මේ රටේ තිබෙන බරපතල කිසිදු ගැටලූවකට විසදුමක් ලැබෙන්නේ නැහැ. එම සංශෝධනය ගෙනෙන්නේ හුදු පෞද්ගලික ලාබ වාසි අපෙක්ෂාවෙන් මිසක රට ගැන හිතල නොවෙයි.

20 වන සංශෝධනය සම්මත කළ පමණින් මේ රටේ ජීවන වියදම අඩු වෙනවාද? ආර්ථිනුකය සංවර්ධනය වෙනවාද? රටේ විරැකියා ගැටලූවට විසදුමක් ලැබෙනවාද ? නැහැ.
78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කළ එවක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා පැවසුවේ තමන්ට තිබෙන බලතල අනුව කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් බවට පත් කිරීම හා පිරිමියෙක් ගැහැනියෙක් බවට පත් කිරීමටත් පමණක් බවයි. නමුත් මම නම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැහනියක් පිරිමියෙකු කරන්නත් පිරිමියෙක් ගැහැනියෙකු කරන්නත් තරම් බලතල තිබෙනවා. එවැනි බලයක් තිබියදි ඇයි ජනාධිපතිවරයා තවත් බලය වැඩි කර ගැනීමට සුදානම් වන්නේ?

ඇත්තෙන්ම 20 වන සංශෝධනය කියන්නේ සම්පුර්ණ විකාරයක්. එහි අඩංගු කිසිම කරුණක් රටේ උන්නතියට සහයෝගයක් දක්වන්නේ නැහැ.

එහි සදහන් වුණු එක් කරුණක් වුණේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්විමට ඇති බාධාව ඉවත් කිරීමයි. මම 20 වන සංශෝධනයේ සඳහන් ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වන්නේ ඇයිදැයි මම මාධ්‍යවේදියෙක් මගෙන් ප‍්‍රශ්න කළා. එයට පිළිතුරු දෙමින් මම පැවසුවේ මම එම වගන්තියට විරුද්ධ වන්නේ නැහැ. මන්ද දැනටමත් ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා පිටත සිට මුලූ රටේම ආර්ථිකය මෙහෙයවනු ලබනවා. ඉතින් රටට එය ගැටලූවක් වන්නේ නැත්නම් මටත් ගැටලූවක් නැහැ කියල මම පැවසුවා. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළොත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණේවි. එවිට අපට ඔහුගෙන් සෘජුවම ප‍්‍රශ්න කරන්න පුලූවන්. නමුත් මම ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්වීමට අවස්ථාව ලැබෙනවා නම් ජනාධිපති අපෙක්ෂකයෙක්වීමට අවස්ථාවක් ලැබෙනවා නම් එයට මම විරුද්ධයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකිව තිබෙන මේ අවස්ථාවේ විපක්ෂයෙන් මන්තී‍්‍රවරු ආණ්ඩුවට ගැනීමේ සුදානමක් තිබෙනවා. එය ප‍්‍රසිද්ධ රහසක්. නමුත් මම හිතන්නේ නැහැ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට එක් වේවි කියල.

ආණ්ඩුව පත්වී වසරක් ගත වුණා. ආණ්ඩුව රටේ සෑබෑ ප‍්‍රශ්න යටපත් කිරීමට වෙනත් විවිධ ගැටලූ නිර්මාණය කරමින් ජනතාවගේ මනස වෙනත් පැතිවල යොමු කිරීමට සුදානම් වෙනවා. මෙවැනි ආකාරයේ වගකීම් විරහිතව ආණ්ඩුව කටයුතු නොකළ යුතුයි. කිසිම වැදගම්මක් නැති කාරණා වෙනුවෙන් රටේ සියලූම දෙනාගේ කාලය වැය කිිරීම ජාතික අපරාධයක්. ඊට වඩා රටේ පැතිර යන කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට හා රටේ තිරසාර සංවර්ධනය සඳහා අවංකව ඵලදායිව දායක විය හැකි නීතී රීතී වැඩපිළිවෙල සකස් කිරීම පිළිබද ආණ්ඩුව් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එවැනි කාරණා වෙනුවෙන් විපක්ෂයේ අපගෙත් සහාය නිසැකවම ආණ්ඩුවටට ලබා දෙනවා. ඒ හැර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත වැනි විකාරයකට අපේ කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

මනෝ ගනේෂන්
මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More