මිශ්‍රිත තෙල් වර්ග ආනයනය කිරීමට අවසර ලබාදෙමින් 2016 ඔක්තෝබර් මස 7 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු කිරීමට රජය වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
මෙවැනි විකෘති කරන ලද ගැසට් පත්‍රවලින් සිදුවන්නේ කූට ව්‍යාපාරිකයන්ගේ ජාවාරම්වලට තව තවත් සහාය ලබාදීම බව එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පැවැසුවේය.
මෙරට පරිභෝජනය සඳහා ඕනෑම අහිතකර මිශ්‍ර තෙල් වර්ගයක් ගෙන්වීමට ගැසට් නිවේදනයකින්ම අවසර ලබාදීම පිළිබඳව කනගාටු වන බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළද මෙතෙක් නිසි පිළිතුරක් තම සංගමයට නොලැබුණු බවද හෙතෙම පැවැසීය.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (14 වැනිදා) කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ වන විට ශ්‍රී ලංකාව වසරකට මෙට්‍රික් ටොන් 2,40,000ක පාම් තෙල් ආනයනය කරන බවත් මේ මගින් මහා පරිමාණ ජාවාරම්කරුවන්ට රුපියල් මිලියන 20,000ක පමණ අමතර ලාබයක් ලැබෙන බවද ඔහු කියා සිටියේය.
පොල් තෙල් පරිභෝජනයට වඩා පාම්තෙල් පරිභෝජනය ශරීරයට ඉතාමත් අහිතකර බවත් එම තෙල්වල අඩංගු ඉතා ඉහළ මේද අම්ල ප්‍රතිශතය ඉතාමත් භයානක පිළිකාකාරකයක් බවද එහිදී හෙතෙම කියා සිටියේය.
මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ප්‍රමිතීන් අනුව පිරිපහදු කළ පාම්තෙල්වල අඩංගු මේද අම්ල ප්‍රතිශතය 5%ක් වුවද අප රටට ආනයනය කරන පිරිපහදු නොකළ පාම් තෙල්වල එම ප්‍රතිශතය 20% තරම් ඉහළ අගයක් ගන්නා බව ඔහු පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මෙසේද පැවැසීය.
අපේ රටේ වසරකට පොල් තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් වෙනවා. මේ රටේ පරිභෝජනයට අවශ්‍ය පොල් තෙල් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ට නිපදවන්න හැකියාව තියෙනවා. අපි ඉල්ලන්නේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර පහසුකම් අපිට ලබාදෙන්න කියලා. පොල් තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්දාහක් පමණ ආනයනය කරනවා. අපේ රටේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා නම් තවත් රටවල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් වැයකර තෙල් ආනයනය කරන්න අවශ්‍ය නෑ.
අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ කඩා වැටෙමින් තියෙන දේශීය පොල් තෙල් කර්මාන්තය නගා සිටුවන්න සහනදායී පොලියට ණය පහසුකම් ලබාදෙන්න කියලා. පිටරටකින් පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට කොප්පරා සහ කැබලි කළ පොල් ආනයන කරන්න ඉඩ ලබාදුන්නා නම් අපිට ඒ මගින් දේශීය පොල් තෙල් නිෂ්පාදනය වැඩිකරගන්න පුළුවන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...