20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව රටට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මඟින් සියලු ව්‍යවස්ථා ගැටලු විසඳන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඇතිවූ මහජන ප්‍රසාදය ආපසු හරවන ප්‍රකාශයක් ටී.එන්.ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් සිදු කොට ඇති බව වාර්තා වේ.
මෙරට දෙමළ රූපවාහිනියේ නාලිකාවක කාලීන දේශපාලන වැඩ සටහනකට සහභාගී වෙමින් සුමන්තිරන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ නව ව්‍යවස්ථාව මඟින් ” දෙමළ ප්‍රශ්ණයට ” දේශපාලන විසඳුමක් ලබාදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමාට පොරොන්දු වූ බවය.
ඒ අනුව 20ට තිබෙන විරෝධයට වඩා විරෝධයක් ආරම්භයේදීම නව ව්‍යවස්ථා ක්‍රියාවලියට, එරෙහිව පැන නැගීමට ඉඩ ඇති බව විචාරකයෝ පවසති.
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නම් එම විරෝධය චන්ද්‍රිකාගේ පැකේජයට එල්ල වූ විරෝධයට සමාන විය හැකි බවද ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...