දේශීය පුවත්

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාද කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ නායකයන් ‌හෙට (16 වැනිදා) රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ හෙට (16 වැනිදා) පස්වරු 1.30 ට පවත්වන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට කැඳවීම් කර ඇත.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නිගමනය කථානායකවරයා මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. ඉන්පසු ඒ පිළිබඳ විවාදය පවත්වන දින වකවානු අද කැඳවා ඇති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමට නියමිතය.

කෙසේ වෙතත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දින පහක විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More