පොලිසිය මඟහරිමින් සැඟවී සිටින හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ විශේෂ කණ්ඩායම් හයක් කොළඹ, පුත්තලම, මන්නාරම ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් පීරමින් වැටලීම් ක‍්‍රියාත්මක කළ ද ඊයේ (14 වැනිදා) සවස්වන තුරුත් ඔවුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
රජයේ දේපල අවභාවිත කරමින් රුපියල් අනූහත් ලක්ෂයක මුදලක් අහිමි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පෙරේදා (13 වැනිදා) නියෝග කර තිබිණි.
ඒ අනුව රිෂාඞ් බදියුදීන් මහතා පදිංචි කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස, පුත්තලම සහ මන්නාරම, තාරපුරම් ප‍්‍රදේශයේ නිවස ඇතුළු තවත් ස්ථාන රැුසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් විසින් දින දෙකක් තිස්සේ දැඩි පරීක්‍ෂණයට ලක් කළ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
ඉකුත් 2019 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැති දින ලංගම බස් රථ 222 ක් යොදාගෙන පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි අවතැන්වූවන් පිරිසක් මන්නාරම ප‍්‍රදේශයේ ඡුන්දය පාවිච්චි කිරීම සඳහා යැවීමට රුපියල් ලක්ෂ 97 ක රජයේ මුදල් යෙදවූ බවට රිෂාඞ් බදියුදීන් වෙත චෝදනා එල්ලවී ඇත.
රිෂාඞ් බදියුදීන්ට අමතරව අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ සම්සුදීන් මොහොමඞ් සහ එම ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරි අලහරුපා මනෝරාජන් යන අයට මෙම චෝදනා එල්ලවී ඇති අතර ඔවුන්ද වහාම අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කර තිබිණි.
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබූ අතර අවස්ථා කිහිපයකදීම හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් කටඋත්තර ලබා දෙන ලදී.
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර එහිදී මහෙස්ත‍්‍රත්වරයා කියා තිබුණේ රජයේ දේපළ අවභාවිත කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමක් අවශ්‍ය නොවන බවයි.
නීතිපතිවරයා විසින් රිෂාඞ් බදියුදීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණේ කොටුව මහෙස්ත‍්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදීමෙන් අනතුරුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...