විදේශ පුවත්

මෑතක ඉතා තීව්‍රව කතා බහට ලක්වුණු මාතෘකාවක් වුයේ ශ්‍රී ලංකාව චීන කොලනියක්ද යන වගයි . සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තාවකාලික අත්හිටුවීමත්, ආසන්න දිනයකදී මෙහි සංචාරය කල චීන දුත කණ්ඩායමත් නිසා මෙය වඩාත් උණුසුම් මාතෘකාවක් බවට පත් වී ඇත . මේ නිසාම බුකිය පුරා මෙයට අදාලව වැකි , කාටුන් සහ සංවාද බොහොමයක් හුවමාරු වනු මා දුටුවෙමි.

චීන – ශ්‍රී ලංකා සම්බන්ධතා ගැන අතීතයේ සලකුණ වන්නේ ක්‍රි.ව 4 වන සියවසේ මෙහි සංචාරය ෆාහියන් භික්ෂුවයි . අප රට වැනිම ප්‍රෞඩ සශ්‍රීක ශිෂ්ටාචාරයකට හිමිකම් කී චීනය සහ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් එකිනෙකාගෙන් පෝෂණය වුන අතර එකල බෞද්ධ සුත්‍ර පිටකයන්ද චීන භාෂාවට පරිවර්තනය වෙමින් මෙය වඩාත් ශක්තිමත් විය.

1950 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමයට චීනය බැඳුණු විට ඔවුන්ව පිළිගත් රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද එකතු විය . 1952 දී ලෝකයේ රබර් මිල සීග්‍රයෙන් පහල යාම නිසාත් සහල් හිඟය නිසාත් ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුධයකට මුහුණ පෑවේය . එහිදී චීනය ලෝක වෙළඳපලේ මිලට වඩා 40%ක් වැඩි මිලකට අපෙන් රබර් මිලදී ගෙන වෙළඳපලේ මිලට වඩා 60% ක් අඩුවෙන් අපට සහල් ලබා දුන්නේය . මේ නිසාම මෙම රබර් -සහල් ගිවිසුම ඓතිහාසික ගිවිසුමක් ලෙස හැඳින්වේ

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වීමෙන් පසු එලබී 1960 දශකය චීන -ශ්‍රී ලංකා සබඳතා වඩාත් ශක්තිමත් තලයකට ගෙන ඒමට සමත් විය . එහි ප්‍රථිපලයක් ලෙස බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණ ශාලාව (BMICH ) අපට හිමිවිය . මේ සියල්ල විපක්ෂය හුවා දැක්වුයේ ශ්‍රී ලංකාව චීනුන්ගේ කොළනියක් වීමේ පෙර නිමිති ලෙසය . 1965 මැතිවරණයේදී එජාපය මෙය මිනිසුන්ට ඒත්තු ගැන්වීමට මෙහි සිටි චීනුන් රංචුවක් මැතිවරණය පුරාම ලංකාව වටා රැගෙන ගිය අතර එස්මන්ඩ් වික්‍රමසිංහයන්ගේ ලේක්හවුස් පත්‍රයේ කැමරා ශිල්පීන් යොදා ගනිමින් විවිධ සිරස්තල මවමින් රට පුරා දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කලේය . එහි ප්‍රථිපලයක් ලෙස ඩඩ්ලි සේනානයක මැතිවරණය සුළුතරයකින් ජයග්‍රහණය කිරීමට සමත් විය . එවැනි පසුබිමක ඉලංගෙයි තමිල් අරුසු කච්චි (ITAK ) පක්ෂයත් සමග සන්ධාන ගත වී එජාපය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සමත් විය . ඉන් පසුව චීන කොළණිය කතාවද යට ගියේය .

මේ අතරතුර චීනය මාවෝ සේතුන්ගේ නායකත්වය යටතේ දැවැන්ත සංවර්ධනයකට මුල පුරමින් ලොව සුපිරි බලවතෙකු බවට පත් විය . එය ඉතා ක්‍රමිකව සිදු කරන ලද අතර ඔවුන් ලැබූ ආර්ථික නිදහස සහ සංවර්ධනය නිසාවෙන් අන් රටවල් වලට බාල්දු නොවී තම ස්වාධිපත්‍යෙන් නැගී සිටීමට ඔවුනට හැකිවිය.
යලිත් චීන -ශ්‍රී ලංකා සම්බන්ධතාවල අළුත් පිටුවක් පෙරලමින් මහින්ද රාජපක්ෂ මහතා 2005දී මෙරට 6වන විධායක ජනාධිපති බවට පත් විය. 2005 වන තෙක් අප විදේශ ප්‍රතිපත්තිය බටහිර නැඹුරු එකක් වු අතර මෙරටට ණය ලබා දීමේ ප්‍රමුකයන් වුයේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල ( ලෝක බැංකුව- IMF ), ආසියානු සංවර්ධන බැංකුව(ADB) , ජපානය(JICA) වැනි රටවල්ය . ඔවුන් ණය ලබා දුන්නේ විශාල කොන්දේසි මතය . ඉන් සමහරක අරමුණ වුයේ සැබවින්ම ආර්ථික සමුර්ධිය ලඟා කර ලීමද යන්න සැක සහිතය . උදාහරණයක් ලෙස රටේ ආර්ථිකයක් දියුණු කිරීමේ ප්‍රමුකතම කාර්යභාරය ඇත්තේ සංවර්ධන බැංකු ( Development Bank) වලටය . ව්‍යවසායකත්ව ආර්ථිකයක් ගොඩ නැගීමේ කොඳු නාරටිය එයයි. චීනයේ , වියට්නාමයේ සහ කොරියාවේ ආර්ථික දියුණුවේ මුලිකම අංගයක් වන්නේද එයයි . නමුත් එවක ලෝක බැංකු කොන්දේසියක් වුයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුක සංවර්ධන බැංකුව පුද්ගලීකරණය කරන ලෙසයි . මෙවැනි ආර්ථික වෙට්ටු මත ගත් ණය තුලින් රට අත්කර ගත් ප්‍රගතිය එම කාලය තුල සංරචක සහ දර්ශක තුලින් මනාව පිළිබිඹු වේ . එපමණක් නොව සුදු නෙලුම් , තවලම් සහ එකී මෙකී නොකී සාම ව්‍යාපෘතිද අප මත පැටවුනේ මේ ණය කොන්දේසිත් සමගය.
2006 වර්ෂය ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරන වසරක් බවට පත් විය. මාවිල් ආරු සොරොව්ව වසා එල්.ටී ටී ය සටන් විරාම ගිවිසුම කඩ කරීමත් සමගම 4 වැනි ඊලාම් යුද්ධය ආරම්භ වුයේ මුළු රටම යුධ පෙරමුණකට තල්ලු කරමිනි . පෙර සිටම මෙයට සුදානම් වී සිටි රජය යුද්ධයක් කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් සහ එවැනි අවස්ථාවකට අවශ්‍ය සැපයුම් සැපයීමට හැකි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය . චීනය, රුසියාව සහ පකිස්ථානය ඉන් ප්‍රමුකයන් විය . මාගේ පුද්ගලික අත්දැකීමෙන්ම දන්නා දෙය නම් එවක චීනය අපට ලබා දුන් සැපයුම් ( logistics & Equipment) ශක්තියි කිසිදා අමතක කල නොහැකි බවයි . යුධ පිටියට අවශ්‍ය බොහොමයක් දේ ඉතා කඩිනමින් ඔවුන් අපට එව්වේය . පොලි ටෙක්නොලොජීස්(Poly Technologies) සහ නොරින්කෝ ( Norinco) යන ආයතන දෙකම කල ඒ කාර්යක්ෂම සැපයීම නිසා අප තරුණයන් කී දෙනෙකුගේ ජීවිත බේරෙන්නට ඇත්ද? මෙය මෙසේ තිබියදී යුරෝපා සංගමය කලේ නැගෙනහිර යුරෝපයෙන් ඇනවුම් කල නාවික හමුදා ඇනවුම් වල අපනයන බලපත්‍රය ( Export License) අවලංගු කිරීමයි . සිතන්න යුධයක උච්චතම අවස්ථාවකදී අපට මෙවැනි කකුල් මාට්ටු දැමු ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය මොනතරම් නින්දිතද යන්න . රුසියාව සහ චීනය අපට අන්තර්ජාතික පොරපිටිය තුල විශාල සවියක් වෙමින් යුද්ධය නතර කිරීමට ගෙනා අන්තර්ජාතික මැදිහත්වීම් සියල්ල නිෂ්ප්‍රභා කිරීමට දායක විය. ඉන්දියාව නිශ්ශබ්ධව මේ සියල්ල දෙස බලා සිටියේද මේ මැදිහත්වීම් නිසාය. ඇමෙරිකාව වරක් නැව් විනාස කිරීමට ඔත්තුවක් දුන්නේය . නමුත් මෙරට ත්‍රස්තවාදය සහ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කල බටහිරින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීම විහිළුවකි .

යුද්ධය නිමාවීමත් සමගම චීනය අප රට තුල සංවර්ධන ව්‍යාපෘති බොහොමයකට අත ගැසුවේය . ඉන් ඔවුන් තමන්ගේ වෙළෙඳ අධිකාරිය ව්‍යාපත් කිරීම සහ භූ දේශපාලනිකව ස්ථානගත වීම යන අරමුණු දෙකම සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන්නට ඇත . ඔවුන්ගෙන් ණය සහ ප්‍රදාන දෙකම ලැබුණු අතර EXIM බැංකුවේ මැදිහත් වීමෙන් ව්‍යපෘති සඳහා ණය නිකුත් කෙරිනි . බොහොමයක් අවස්ථාවල පොලී අනුපාතික 2.5% වූ අතර එක කඩ ඉමකින් පසු එය වාණිජ ණයක් නම් පොළිය 6.5% ක් විය . මේ රට තුල නතර වී තිබු බොහෝමයක් ව්‍යාපෘති මේ ණය තුලින් යලි පණ ගන්වනු ලැබීය . ඒ අතරම ෆැන්ටසි ව්‍යාපෘතිද මේ ණය හරහ ක්‍රියාත්මක විය . නමුත් ලංකාව චීන ණය උගුලක හිරවෙන්න තරම් චීනෙන් ණය ගෙන නැත . ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිශතයෙන් ඇත්තේ 47% බැඳුම්කරකර හරහා ගත් වෙළෙඳපල ණයය. ආසියානු සංවර්ධන බැංකුවට 13% කුත් , ලෝක බැංකුව , ජපානය සහ චීනයට ආසන්නව 10%කි . එසේ නම් මේ ණය භිතිකාවේ පදනම කුමක්ද ? අනික් රටවල් හෝ ආයතන වල ණය ප්‍රතිශත වැඩි වන විට එය ණය උගුලක් නොවන්නේ කිනම් පදනමකින්ද ? මේ රටේ 2005 වන තෙක් අප ගත් ණය වලින් අත් කර ගත් දියුණුව සාධනියද ? යුද්ධය හසරක් නොමැතිව උඩු දිවීමට උඩ දුන් ඒ ණය කොන්දේසි අපට කැපද . අප සැබවින්ම කල යුත්තේ ණය මගින් රටේ ආර්ථිකය ප්‍රසාරණය වන ව්‍යාපෘති කිරීමයි. අපට ලැබී ඇති සාමයත් සමග එයට ඔබින වටපිටාවක් සෑදී ඇත.

වියට්නාමයට එක් කලෙක වැඩියෙන්ම උදව් කලේ චීනයයි . ඔවුන් දැනුමෙන් සහ තාක්ෂණයෙන් පොහොසත් වී අද චීනයට අභියෝගයක් දෙමින් නව වෙළෙන්දපල්වල් සොයා යමින් තම ආර්ථිකය දියුණු කරමින් සිටී . ඔවුන්ගේ ආර්ථික මොඩලයේ සාර්ථකත්වය ඇත්තේ නිෂ්පාදන ආර්ථිකයක් තුලය . අප රටක් ලෙස ස්වෛරී වීමට නම් ආර්ථික නිදහස අත්කර ගත යුතුය . හිඟන්නන්ට තේරීම් කල නොහැක ( Beggars can’t be choosers) යන ඉංග්‍රීසි කියමන සැබවින්ම යථාර්තයකි. රටක් දියුණු විය හැක්කේ බුද්ධිමත් ලෙස එම ණය ආයෝජනය කිර්මෙන්ය . නමුත් එම ණය තුල රටේ අභ්‍යනතර ගැටළු වලට බලපෑම් කිරීම , දේශීය ආර්ථිකය ගොඩනැගීමට අකුල් හෙලන කොන්දේසි නොතිබිය යුතුය . ණය වූ පමණින් එය අසමත් රටක් නොවන බවට හොඳම සාක්ෂිය ජපානයයි; එහි දළ දේශීය ආදායමට ණය අනුපාතය 240%කි . ණය නොවූ පමණින් රටක් සමත් රටක් නොවන බවට කදිම උදාහරණය ඇෆ්ගනිස්ථානයයි ; ඔවුන්ගේ දළ දේශීය ආදායමට ණය අනුපාතය 7%කි.
ව්‍යාපෘති වල ප්‍රමුකතා හඳුනාගත යුතුය ; ඒවා හට මුල්‍ය පහසුකම් ලබාගැනීමේදී ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව , පියවීමට ලැබෙන කාලය සහ පොළිය යන්න පිලිබඳ දෙවරක් , තෙවරක් සිතිය යුතුය . චීනුන් කොමිස් කාක්කන් සහ ජපනුන් සුදනන් ලෙසත් අප පුර්ව නිගමන වලට එළඹ ඇත . නමුත් ජපානය මුල්‍ය පහසුකම් සැපයු ව්‍යාපෘති වලත් අල්ලස් දුන් අවස්ථා නැතුවා නොවේ .
අප මෙම යථාර්තය තේරුම් ගත යුතුය

අද වනවිට බොහොමයක් දෙනා බලාපොරොත්තු සුන් වුනා සේ රජයට සහ ජනාධිපතිතුමන්ට දොස් පවරමින් සිටි . නමුත් මෑතකදී ඇති වූ කොරෝනා පොකුර තෙක් මේ රට ඉතාමත් යහපත් සහ යථා තත්වයෙන් පවත්වා ගෙන යාමට ඔවුන් ගත් උත්සහය අමතක කොට ඇත . ඒ අතරතුර යලිත් 2014 ඇති කලා සේ රජය කරන සෑම දෙයක්ම විවේචනය කරමින් ජනතාව මුලා කිරීමට ගන්නා උත්සහය පැහැදිලිය . අධිවේගය රත්තරන් වලින් තනනවාදැයි, මෙය චීන කොළනියක් කරනවාදැයි ඇසු කෙරුමන්ගේ හැටි අප පසු ගිය වසර 5 තුල හොඳින් අත්දුටුවෙමු. ලබන මසට ජනාධිපතිතුමන්ගේ ධුර කාලයට වසරක් සපිරෙ . 2020 වසර කොරෝනා නිසා නාස්ති වුන බව හොඳින් දනී ; අපගේ පුද්ගලික ජිවිතයේ සැලසුම් වලටද එය ඇතිකල බලපෑම අප අත්වින්දෙමු . අගෝස්තු මැතිවරණය තෙක් බහුතර රජයක්ද ඔහුට තිබුනේ නැත . එසේ නොමැතිව කෙසේ හෝ කොරෝනා තත්වය පාලනය කරගැනීමට රජය සමත් විය .
2006- 2008 වකවානුව තුල යුද්ධය පිළිබඳවද මෙලෙස මිනිසුන්ගේ ඔලුවට විශබීජ එකතු කල හැටි අපට මතකය . යුද්ධය කියා රජය කරන්නේ මුලාවක් බවත් හසරක් නොමැතිව යුද්ධ කිරීමෙන් රට බංකොලොත් වන බවත් පුලා පුලා පවසමින් ජනතාවගේ චිත්ත ධෛර්ය ඔවුන් නැති කලේය . නමුදු වසර 3 1/2 ක් ගෙවෙන්නටත් මත්තෙන් රජය බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කලේය . ජනතාවට රජය ගැන ආත්ම විස්වාශයක් නොතිබුණා නම් එය එසේ නොවන්නට ඉඩ තිබුණි.

අප මේ මඩ ප්‍රචාර හමුවේ ජනාධිපතිතුමන් ගන්නා සාධනීය දියුණුව අමතක කොට ඇත . එතුමන් මෑතකදී මුණ ගැසුණු චීන දුත පිරිසට පැවසුයේ මේ රටේ භාණ්ඩ වලටද චීනයේ වෙළෙඳපල මීට වඩා වැඩියෙන් විවර කර න ලෙසයි .එලෙසම ව්‍යාපෘති වලදී දේශීය සමාගම් සමග ගිවිසුම් ගත වී තාක්ෂණික දැනුම හුවමාරු කරන ලෙසයි . හැම දෙයක්ම පිට රටින් ගෙන්වීම වෙනුවට දේශීය නිෂ්පාදනයට ප්‍රමුකතාවය දී ඇත . ව්‍යවසායකින් දිරි ගැන්වීමට පොළී අනුපාත අඩු කොට ඇත . මෙතරම් කොරෝනා වලින් බැට කා සිටියද පසු ගිය සැප්තැම්බර් මාසයේ අප රටේ අපනයන ආදායම ඇ . ඩොල .බිලියනයකට වඩා වැඩි විය . මෙය 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 5% වැඩිවීමකි . කොරෝනා නිසා මුළු ලෝකයේම ආර්ථිකය අඩාල වී ඇත.මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව පමණක් ව්‍යාතිරෙකයක් විය නොහැක .

අප පසූ ගිය වසර 5 දෙස බලා සාපේක්ෂව මෙම රජය ප්‍රගතිශීලි බව හඳුනාගැනීමට අපොහොසත් ද?
ගෝඨාභය ගැන ඔබ පසුතැවෙන්නේ ඔබට සජිත් විකල්පයක් ලෙස කිසි කලෙකවත් පෙනුන නිසාද?
මේ යථාර්තය තේරුම් ගෙන පැහැදිලි ජනවරමක් ඇති රජයට අප අවස්ථාවක් දිය යුතු නොවේද?

©️ රටේ රාළ
🙏🙏🙏🙏

මුලාශ්‍ර –

https://tradingeconomics.com/country-list/government-debt-to-gdp
https://www.mofa.go.jp/policy/oda/evaluation/FY2015/pdfs/vietnam.pdf
https://www.chathamhouse.org/sites/default/files/CHHJ8010-Sri-Lanka-RP-WEB-200324.pdf
http://www.colombopage.com/archive_20B/Oct14_1602653388CH.php



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More