දේශීය පුවත්

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් විශේෂ සාකච්ඡාවක් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ එම මධ්‍යස්ථානයේ කමිටු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී (12) දින පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී කථාබහට ලක් වූ කරුණු අතර ගම්පහ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් කටුනායක හා ගම්පහ ප්‍රදේශයන්හී අලුතින් ඇති වන කොවිඩ් – 19 පොකුරු සහ ඒවායේ වර්තමාන තත්ත්වය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරුණි.

එසේම, කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රදේශයන් හුදකලා කිරීම සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරුණි. නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම සහ එසේ දීර්ඝ කරන්නේ නම් පදනම් කරගත යුතු නිර්දේශ ආදිය පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරුණි.

මේ පිළිබඳ අංශ ගණනාවක් ඔස්සේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව, පොලිස් බල ප්‍රදේශ පදනම් කර ගනිමින් හුදෙකලා කිරීම වඩාත් සාර්ථක ක්‍රමවේදයක් බවට තීරණය කරනු ලැබිණ.

එසේම, පවතින තත්ත්වය හමුවේ සබඳතා ඔස්සේ හමුවන වෛරස් ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාම පිළිබඳවත් මේ වන විට දසදහසක පමණ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින නිසා එම තත්ත්වය කළමණාකරණය කර ගන්නා ආකාරය පිළිබඳවත්, නිසි පියවර අනුගමනය කරමින් වර්තමානයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට ද අවශ්‍යය පියවර සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා විය.

එමෙන්ම, කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ අවශ්‍ය වියහැකි රෝහල් ඇඳන් සහ අනෙකුත් පහසුකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර සෞඛ්‍ය අංශ බලධාරීන් එහිදී ප්‍රකාශ කළේ දිවයිනේ රෝහල් 800 න් රෝහල් 148 ක ඇඳන් 3000 කට වැඩි ප්‍රමාණයක් ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානම් කර ඇති බවයි.

නව පොකුරු බිහිවීමත් සමඟ සියලු මට්ටම්වල සියලු උපාය මාර්ගික මෙහෙයුම් යාන්ත්‍රණයන් නැවත බැලීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ PCR පරීක්‍ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරුණු අතර එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා හෝටල් නිරෝධායන මධ්‍යස්ථානවල සහ බාහිර සමාජයෙන් සිටින අයවළුන්ගේ PCR පරීක්‍ෂණ යුද්ධ හමුදා රසායනාගාරයෙන් සිදුකළ හැකි බවත් ඒ මඟින් PCR පරීක්‍ෂණ ප්‍රථිපල ඉක්මනින් ලබාගැනීමේ හැකියාව ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More