දේශීය පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණයවන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අද (14) ප්‍රකාශ කළේය.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බලලත් නිලධාරි, ඩිලංජන් උපසේන මහතා කළ කරුණු දැක්වීමකට අදාළව සාක්ෂී විමසීමට හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අද (14) ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඩිලංජන් උපසේන මහතාව 2015 සැප්තැම්බර් 08 වන දින සිට දින 90 කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගැනීමට අවසර දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන කර ඇති ලිපියක් කොමිසම මෙහිදී උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අවධානයට යොමු කළේය.

ඔහු සඳහන් කළේ එම ලේඛනයට යොදා ඇති අත්සනෙහි බැලූ බැල්මට වෙනස්කම් නිරීක්ෂණය වන බවය.

තමා 2018 ජූලී 06 වැනිදා සිට 2019 නොවැම්බර් 19 වැනිදා දක්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ බවත්, එම කාලයේදී ලේඛන දහස් ගණනකට ජනාධිපතිවරයා අත්සන් කර ඇති නමුත් එම අත්සන හා සසඳන විට එම අත්සනෙහී බොහෝ වෙනස්කම් නිරීක්ෂණය වන බවත් උදය ආර්. සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යායතනය පිහිටුවීමට අදාළව  2016 ඔක්තොබර් 03 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන සහිත කැබිනට් පත්‍රිකාවක් ද කොමිසම සාක්ෂිකරුගේ අවධානයට යොමු කළේය.

එම අත්සන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බව උදය ආර්. සෙනෙවිරත්න මහතා තහවුරු කළ අතර මෙම පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම අවසන් බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකක‍යට පැමිණි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ඒ, “කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය“ හෙවත් “සීඑස්එන් නාලිකාව“ ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමා අත්අඩංගුවට ගෙන දින 45ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More