2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානය ට ශ්‍රී ලංකාව තෝරාගැනීමට “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් කටයුතු කර තිබේ.
එම සඟරාව, එක්සත් ජනපදය මුලස්ථානය කරගත් Advance Publication නම් ආයතනයේ ප්‍රකාශනයකි.
ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති එම සඟරාවේ “Reader’s Choice Awards” නම් පාඨක ඡන්දයයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 93.96ක් හිමිවී ඇති අතර ප්‍රථම ස්ථානය ට තේරුණු ඉතාලිය ලකුණු 94.05ක් ලබාගෙන තිබේ.
මෙරට සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ එම සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබේ.
පෘතුගාලය, ජපානය, ග්‍රීසිය, තායිලන්තය සහ දකුණු අප්‍රිකාව පාඨක කැමැත්ත අනුව පිළිවෙලින් අනෙකුත් ස්ථාන හිමිකරගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...