විදේශ පුවත්

ඇමරිකා එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරමින් සිටින එක් කොරෝනා ඖෂධයක් පරීක්ෂණ මට්ටමේදී එය එන්නත් කළ පුද්ගලයකුට විවිධ රෝග ලක්ෂණ මතුවීම නිසා එහි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම එන්නත පරීක්ෂා කිරීම සඳහා දහස් ගණනින් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූහ. එසේ ශරීර ගත කරන ලද දහස් ගණනක් පිරිස් අතරින් එක අයකු මෙසේ විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. මෙම රෝග ලක්ෂණවලට හේතුව මෙම එන්නතමදැයි මේ වන විට පරීක්ෂා කිරීම් සිදු කෙරේ.

එන්නත් පරීක්ෂා කිරීම්වලදී මෙය සාමාන්‍ය සිදුවීමකි. පසුගියදා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය හා ඇස්ට‍්‍රා සෙන්කා සමාගම එක්ව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත පරීක්ෂාවේදීද මෙවැනි තත්ත්වයක් ඇති වූ අතර පසුව එය තාවකාලිකව අත්හිටුවා නැවත ආරම්භ කරන ලදී.

මේ වන විට ලොව පුරා කොරෝනා එන්නත් 80 ක් පරීක්ෂණ මට්ටමේ පවතින අතර තවමත් එක එන්නතක් හෝ සායනික අත්හදාබැලීම් අවසන් කර නොමැත.

ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගම පසුගිය සැප්තැම්බරයේ මෙම එන්නත මිනිසුන් යොදාගෙන පරීක්ෂා කිරීම් ආරම්භ කළ අතර එය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකාවේ රටවල් හා දකුණු අප‍්‍රිකාවේ ස්ථාන 200 කදී ඒ සඳහා ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූ විවිධ ජනතාව අතර පරීක්ෂා කරන ලදී. කොරෝනා රෝගය සඳහා මේ වන විට නිෂ්පාදනය කර තිබෙන එන්නත් අතරින් ඉහළම පරීක්ෂණ මට්ටම්වල තිබෙන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ එන්නත හා ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගම නිපදවන එන්නතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More