අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිසිය විසින් සොයමින් සිටින සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව මුණ ගැසීමට කරන ලද ඉල්ලීමක් උන්වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට එල්ල වෙමින් පවතින නීතිමය තත්වයන්ගෙන් බේරීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට ගත් උත්සාහය ද මේ වන විට ව්‍යාර්ථ වී තිබෙන බවද දැනගන්නට තිබේ.
“අපගේ ස්ථානයට ඔබ පැමිණෙන්න එපා” යැයි දන්වමින් උන්වහන්සේ රිෂාඩ් බදියුදීන් මහතා වෙත පණිවිඩ කරුවෙකු අත දැනුම් දී තිබේ.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන ලද බවට රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරුන්ට චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා මත රියාජ් බදියුදීන් මහතාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් මාස 5 1/2 කාලයක් රඳවාගෙන සිටි අතර හිටිහැටියේ ම ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වේ. එම නිදහස් කිරීම සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් විසින් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...