දේශීය පුවත්

කෝවිඩ් වසංගතයේ දෙවන නැගිටීමත් සමග උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ දැනුම සහ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (13) කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කර  සිටියේ දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නෛතික බලය, ශක්තිය සහ ප්‍රතිපාදන වගකිවයුතු සියලු දෙනා මැදිහත්ව  දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට ලබා දිය යුතු බවය.

දැනට දිවයින පුරා විසිරී සිටින  24,000 ක් වන සමස්ථ දේශීය වෛද්‍යවරු කෝවිඩ් වසංගතයේ එන අභියෝගය භාර ගැනීමට සූදානම් බවද  ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද අදහස් දැක්වීය.

සම්පූර්ණ වීඩියෝව පහතින් –

.

රටම වනසන කොරෝනා නසන දේශිය වෛද්‍ය ක්‍රමය මෙන්න | Dr Nimal Karunasiri

Gepostet von Lanka Lead News am Dienstag, 13. Oktober 2020

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More