දේශීය පුවත්

ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි මහතා පවසයි.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පසුගියදා පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු තානාපතිවරයා, කලක පටන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ ආර්ථික සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීමට සිය කැමැත්ත පලකළ අතර ඒ වෙනුවෙන් රුසියානු රජය විසින් දියයුතු සහාය නොපිරිහෙලා ලබාදෙන බවත් පැවසීය. තවද මීට ඉහතදී ද ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයට න්‍යෂ්ඨික තාක්ෂණික දැනුම ලබාදීම පිළිබඳව නිල සාකච්ඡා පැවැත්වූ බවත්, රුසියාවේ පරමාණුක බලශක්ති නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත දැනුම, පුහුණුව ඇතුලු අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සූදානම් බවත් රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී තිරසාර සංවර්ධන අරමුණු මත පිහිටා වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳව තානාපතිවරයාට පැහැදිළිකළ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, හරිත හා පුනර්ජනනීය බලශක්ති කෙරෙහි යොමුවිමේ ගෝලීය අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

එසේම ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට සහයෝගය පළකිරීමට එක්වීම ගැන රුසියානු තානාපතිවරයාට සිය ස්තුතිය පළකළ විදුලිබල අමාත්‍යවරයා, වසර 30 කට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවූ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, ශ්‍රී ලංකා රජයට දැක්වූ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පිළිබඳව ඇමතිවරයා රුසියානු රජයට සිය කෘතඥතාවය පළකළේය.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ රුසියානු තානාපතිවරයා අතර පැවති මෙම නිල සාකච්ඡාවට රුසියානු තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඔලෙග් රුඩ්නෙව් මහතා ද සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More