ප‍්‍රධාන පුවත්

කොරෝනා වෛරසය මර්දනය කිරීමට නම් වැඩි වැඩියෙන් එන්නත් නිපදවීමේ අවශ්‍යතාවයක් පවතින බව රුසියානු විද්‍යා ඇකඩමියේ ප්‍රධානී Alexander Sergeev පවසයි. ඔහුට අනුව මෙලෙස රෝගය සඳහා එන්නත් කිහිපයක් පැවතීම මගින්, විවිධ ජනගහන කණ්ඩායම් වල, විවිධ වයස් කාණ්ඩ වල හෝ විවිධ රෝගී තත්වයන් ඇති අයට වඩාත් උචිත එන්නතක් තෝරා ගැනීමට හැකි වේ.

අගෝස්තු මස මුලදී රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 වැළැක්වීම සඳහා එන්නතක් ලියාපදිංචි කරන ලද අතර එය නම් කරන ලද්දේ “ස්පුට්නික් V” ලෙසිනි. පසුගිය ජුලි මසදී වයස අවුරුදු 18 ත් 60 ත් අතර ස්වේච්ඡා සේවකයන් යොදාගනිමින් මෙම එන්නත පර්යේෂණ අදියර දෙකක් සාර්ථකව සමත් විය. පරීක්ෂණය අවසානයේදී සහභාගී වූ පිරිස තුළ SARS-CoV-2 සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් සහ ප්‍රතිදේහ නිපදවීමට එන්නත සමත්විය.

“ස්පුට්නික් V” එන්නත් බිලියනයක් මිලදී ගැනීම සඳහා තම ආයතනයට රටවල් 20 කට වැඩි ගණනකින් අයදුම්පත් ලැබී ඇති බව එම එන්නත නිෂ්පාදනය කිරීමේ ආයතනයේ ප්‍රධානී කිරිල් දිමිත්‍රි වාර්තා කළේය. රටවල් පහක එන්නත නිෂ්පාදනය සඳහා රුසියාව එකඟ වී ඇති අතර, ඒ අනුව වාර්ෂිකව එන්නත් මාත්‍රාවන් මිලියන 500 ක් දක්වා නිෂ්පාදනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ඒ අනුව මෙම “ස්පුට්නික් V” එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පරීක්ෂාවට ලක් කරන බව එම රජය පසුගිය සඳුදා ප්‍රකාශට පත් කළේය.

ඒ අනුව එන්නතෙහි තුන්වන අදියර අත්හදා බැලීම අබුඩාබියේ රජයේ රෝහල් , සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය සහ අබුඩාබි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ඇත.

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකථන ඇමතුමකින් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “ස්පුට්නික් V’ එන්නත අත්හදා බැලීම, බෙලරුස්හීදි පරීක්‍ෂා කිරීමෙන් පසු විදේශයකදී පැවැත්වෙන දෙවන අවස්ථාවයි. තවත් අත්හදාබැලීමක් වෙනිසියුලාවේදී ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රුසියානු පුවත් වල දැක්වේ.

ස්වේච්ඡා සේවකයන් 30,000 කට වැඩි පිරිසක් මෙම තෙවන අදියරට දායකවීමට කැමැත්ත පළකර තිබූ අතර, පසුව බහරේනයෙන් හා ජෝර්දානයෙන් සීමිත සංඛ්‍යාවක් පර්යේෂණ සඳහා තෝරා ගෙන තිබේ.

විදේශයන්හි එන්නත අත්හදාබැලීමේ එක් හේතුවක් වන්නේ විවිධ ජනවර්ග හා විවිධ පසුබිම්වලින් පැමිණි අය සඳහා එන්නතෙහි සාර්ථකත්වය සහතික කිරීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ විවිධ ජාතීන් 200 කට අධිකව වාසය කරති.

තුන්වන අදියරෙහි අත්හදා බැලීම් ආරම්භ වීමටත් පෙර රුසියාව ලොව පළමු කොරෝනා වයිරස් එන්නත ලෙස “ස්පුට්නික් V” ලියාපදිංචි කරනු ලැබීය.

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියක සහ ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් ඇතුළුව රුසියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සීමිත සංඛ්‍යාවකටද මෙම එන්නත හඳුන්වා දී ඇත.

මූලාශ්‍ර
news.mail.ru
www.thenational.ae



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More