දේශීය පුවත්

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි.

සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයවී තිබේ.

කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හරහා ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රදර්ශනය නොවන බවයි.

සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස්කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථ කතන සිදුකිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලය නිකුත්කල නිවේදනයේ සඳහන් ය.

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති , බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපානන් සහ මහලේකම් කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More