පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ඒ. ජගත් ඩී ඩයස් මහතා දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්‍ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙස ය.
එබැවින්, විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයින් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම ඔක්තෝබර් 13 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කළ බව ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...