කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේ දී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.
ඔවුන් සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.
අද වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1397ක්.
ඉන් අවසන් ආසාදිතයින් 51 දෙනා ඊයේ රාත්‍රියේ හඳුනාගැනුණු අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.
එමෙන්ම කොළඹ යූනියන් පෙදෙසේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
කෙසේවෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු විය.
අදාළ පුද්ගලයා රැකියාව කළ ස්ථානයේ අයෙකුගේ ඥාතියෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...