විදේශ පුවත්

වැඩිවන ස්ත‍්‍රී දූෂණ ප‍්‍රමාණය පාලනය කිරීම සඳහා ස්ත‍්‍රී දූෂකයන්ට මරණ දඬුවම පැනවීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

මේ අනුව ස්ත‍්‍රී දූෂණ චෝදනාවලට වරදකරුවන්ට මරණ දඬුවම පැනවීම මේ සතියේ සිට නීතියක් බවට පත්වනු ඇත.

පසුගිය වසර තුළ බංගලිදේශයේ ස්ත‍්‍රී දූෂණ 5400 ක් පමණ වාර්තා වූ අතර වාර්තා නොවන ප‍්‍රමාණය මීටත් වඩා බෙහෙවින් වැඩි බව පැවසේ. බොහෝ කාන්තාවන් බිය හා ලැජ්ජාව හේතුවෙන් මෙවැනි දේ ප‍්‍රසිද්ධ නොකිරීම ඊට හේතුවයි.

පසුගිය සතියේ බංගලිදේශයේ කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමග ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව නීති රීති දැඩි කරන ලෙසට හා ඒ සම්බන්ධ අධිකරණ කටයුතු ඉක්මන් කරන ලෙසට ද ඉල්ලමින් රට පුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්විනි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අට දෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පසුගිය සතියෙම වාර්තා වූ එවැනිම සමූහ කාන්තා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පාලක පක්ෂයේ ශිෂ්‍ය සංගමයක සාමාජිකයන් ගණනාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More