දේශීය පුවත්

ආනයනය කරන ලද ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් පී.සී.ආර්. කට්ටල (PCR KITS) 15,000ක තොගයක් නිදහස් කිරීමෙන් තොරව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රඳවා ඇතැයි ගුවන්තොටුපොළ වාර්තා අනාවරණය කරයි. පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ගෙන්වූ පී.සී.ආර්. කට්ටල හා අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානය (International Organization of Migration)විසින් ගෙන්වූ පී.සී.ආර්. කට්ටල තොගයක් මේ අතර වන බව පැවසේ.

බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි රසායනාගරය වෙනුවෙන් මෙම පී.සී.ආර් කට්ටල ආනයනය කර ඇති නමුත් දින 05ක් තිස්සේ එම තොගය නිදහස් කිරීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අදාළ තීරණය ප්‍රමාද කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

අනාවරණය කරගෙන ඇති ආකාරයට දැනට රටේ වෙනත් රසායනාගාරවල සිදුකෙරෙන column Base RNA extraction පරීක්ෂණය වෙනුවෙන් පැය එකහමාරකට වැඩි කාලයක් ගතවන නමුත් ගුවන්තොටුපොළ සිරවී ඇති මෙම Magnatic Bead Robotic RNA extraction කට්ටල මගින් පරීක්ෂාවට ගතවන්නේ විනාඩි 18ක පමණ කෙටි කාලයකි. එසේම ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඇති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාරයට උපයෝගීකරගත හැක්කේ මෙම දෙවැනි කාණ්ඩයට අයත් පරීක්ෂණ කට්ටල පමණක් බවද වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More