ක්‍රීඩා පුවත්

21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමි පදක්‌කම් අතරට තවත් පදක්‌කම් අවස්‌ථාවක්‌ ස්‌ථිර කිරීමට කිලෝ ග්‍රෑම් 46-49 බර පංතියේ බොක්‌සිං අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ තිවංක රණසිංහ ඊයේ (10දා) සමත් විය.

වසර 68 කට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විසින් පොදුරාජ්‍ය මණ්‌ඩලීය බොක්‌සිං පදක්‌කමක්‌ දක්‌වා පැමිණි පළමු අවස්‌ථාව වශයෙන් මෙය සටහන් වේ. මීට පෙර 1950 වසරේ පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්‌කම් දෙකක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වී තිබිණි.

ඉන් එක්‌ පදක්‌කමක්‌ කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් කේ. එඩ්වින් විසින් දිනාගෙන තිබූ අතර අනෙක්‌ පදක්‌කම කිලෝ ග්‍රෑම් 54 බර පංතියෙන් ඒ. පෙරේරා දිනාගෙන ඇත.

ඊයේ පස්‌වැනි තරගය වශයෙන් පැවැති මෙම තරගයේදී වනුආටු ක්‍රීඩක නම්රි බෙරි හමුවේ තරග වට 5-0 ක ජයක්‌ ලබමින් තිවංක විසින් අදාළ අවස්‌ථාව හිමිකර ගන්නා ලදී.

උණුසුම්කාරී අයුරින් පැවැති තරගයේ දෙවැනි වටයේදී වනුආටු ක්‍රීඩකයාගේ හිසෙහි තිංවකගේ ඇහිබැම ප්‍රදේශය ගැටීම හේතුවෙන් එම ස්‌ථානයෙන් ලේ වැගීරීමක්‌ සිදුවිය. නමුත් එය ගානකට හෝ නොගත් තිවංක පදක්‌කමක්‌ කරා යැමේ සිහිනයෙන් යුතුව ප්‍රතිවාදී ක්‍රීඩකයාව මෙල්ලකර ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තේය.

ජයග්‍රහණයෙන් අනතුරුව ‘දිවයින’ වෙත අදහස්‌ දැක්‌වූ තිවංක, ‘හිතාගෙන හිටිය විදිහටම මට තරගය දිනන්න පුළුවන් වුණා. තරගයට එන ක්‍රීඩකයා කවුද, රට කවුද කියලවත් මං හොයන්න ගියේ නෑ. මට ඕනේ වුණේ තරගය දිනන්න.’

‘මං හිතනවා රට වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා කියලා. දැන් තමයි ගේම් එක පටන් ගන්නේ. එකම බලාපොරොත්තුව රන් පදක්‌කම දිනන එක.’

boxcing2නලල ආසන්නයේ ඇතිවූ තුවාලය පිළිබඳව තිවංකගෙන් විමසන ලදුව ‘මේ පළවැනි පාර නෙමෙයි මෙහෙම තුවාල වෙච්ච. ගොඩක්‌ මැහුම් දාපු තැන් තියෙනවා මුහුණේ. වනආටු ක්‍රීඩකයාගේ ඔළුව වැදිලා තමයි තුවාල වුණේ.’ යනුවෙන් පවසා සිටියේය.

බොක්‌සිං ක්‍රීඩාවේ රන්, රිදීවලට අමතරව ලෝකඩ පදක්‌කම් දෙකක්‌ පිරිනමන අතර ඒ අතරින් තිවංකට හිමිවන පදක්‌කම කුමක්‌ද යන්න පිළබඳව හරියටම තීරණය වන අවසන් පූර්ව තරගය එංගලන්ත ක්‍රීඩක ගලාල් යපායි සමගින් අනිද්දා (13දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.30 ට පමණ පැවැත්වේ.

බොක්‌සිං පදක්‌කම් දෙකක්‌ ගිලිහෙයි

ශ්‍රී ලංකාවේ තවත් බොක්‌සිං බලාපොරොත්තු දෙකක්‌ වූ කෙෂානි හංසිකා සහ දිනිදු සපරමාදු ඊයේ සිය අර්ධ අවසන්පූර්ව වටයේ තරගයන්ගෙන් පරාජයට පත්විය.

කිලෝග්‍රෑම් 64 බර පංතියෙන් තරග වැදුණු දිනිදු නැම්බියා ක්‍රීඩක ජෝනාස්‌ ජෝනාස්‌ හමුවේ තරග වට 5-0 ක්‌ ලෙස පරාජය වන අතරවාරයේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග වැදුණු කෙෂානි හංසිකා තරග වට 5-0 කින් නවසීලන්ත ක්‍රීඩිකා ඇලෙක්‌ස්‌ ප්‍රිට්‌චර්ඩ් හමුවේ පරාජයට පත්විය.

රුමේෂිකා අවසන් පූර්ව වටයට

මීටර් 200 කාන්තා අවසන් පූර්ව වටයේ ස්‌ථානය වෙන්කර ගැනීමට රුමේෂිකා රත්නායක ඊයේ සමත් වූවාය.

සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී දෙවැනියා වෙමින් රුමේෂිකා මෙලෙස අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඇගේ තරග නිමි කාලය තත්. 23.43 ක්‌ ලෙස වාර්තා විය.

ජනක දුර පැනීමේ
අවසන් වටයට

සුදුසුකම් ලැබීමේ වටයේදී මීටර් 7.84 ක දුරක්‌ සටහන් කරමින් දුර පැනීමේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ජනක ප්‍රසාද් විමලසිරිට හැකි විය.

බී කාණ්‌ඩයේ පැවැති තරගයෙන් පස්‌වැනියා මෙන්ම සමස්‌ත දක්‌ෂතාව අනුව 10 වැනි තැන සිටින ජනක ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 4.30 ට සිය අවසන් තරග අවස්‌ථාවට මුහුණ දීමට නියමිතය.

බොක්‌සිං පදක්‌කමක්‌ දිනන්න අනුෂා සූදානමින්

මේරි කොම් ලොව සිටින ප්‍රබලතම බොක්‌සිං ක්‍රීඩිකාවක්‌ වුවත්, තමන්ගේ උපරිමය යොදා අද (11දා) පැවැත්වෙන කිලෝ ග්‍රැම් 45-48 තරගයේදී සටන් වඳින බවට ශ්‍රී ලංකාවේ අංක එකේ බොක්‌සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්‌කු පවසා සිටී.

ඒ අනුව අද දිනයේ බොක්‌සිං වළල්ලේ පැවැත්වෙන පළමු තරගයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 7.30 ට ඉන්දියාවේ මේරිකොම් සමගින් අනූෂා තරග වදිනු ඇත.

බොක්‌සිං වළල්ලේ සිටි ශ්‍රී ලංකා විනිසුරුවරිය

කිලෝග්‍රෑම් 64 බර පංතිය යටතේ ඝානාව සහ ද. අප්‍රිකාව අතර පැවැති අර්ධ අවසන් පූර්ව බොක්‌සිං තරගයේ ප්‍රධාන විනිසුරු වශයෙන් පිටිය මැද කාර්ය පැවරී තිබුණේ ශ්‍රී ලංකා විනිසුරු නෙල්කා ශිරෝමාලායට.

පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා කාන්තාවක්‌ බොක්‌සිං විනිසුරුවරියක්‌ ලෙස කටයුතු කළ පළමු අවස්‌ථාව වශයෙන්ද මෙය වාර්තා වූයේය.

ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන ඇය 2002 වසරේදී ශ්‍රී ලංකා පොලිස්‌ බොක්‌සිං කණ්‌ඩායම ද නියෝජනය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More