චෝදනා නොමැති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කරනු ලැබූ හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදුර්දීන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
බදුර්දීන් මහතා මෙම ලිපිය යොමු කොට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් 100 දෙනකු තමන් පිළිබද යළි පරීක්ෂණ ආරම්භ කරන ලෙස දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවය.
එහිදී තමන් නිදහස් කර යැවීමට හේතු වූ කරුණූ සියල්ලම බදුර්දීන් මහතා සිය ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගේ සියලු ගිණුම්, නිවසේ හා ජංගම දුරකතන වාර්තා ආදිය සියල්ල පරීක්ෂා කොට මෙම තීරණයට එළඹි බවද හෙතෙම සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...