දේශීය පුවත්

20වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් අතර ගැටුමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දක්වන පුද්ගලයින් එය බැසිල් රාජපක්ෂගේ වුවමනාවට ගෙන ආ එකක් බව සෘජුව සහ වක්‍රව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වී තිබේ.

එම සංශෝධනය පිළිබද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කිහිප වතවක් බැසිල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරමින් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් අවශ්‍ය නම් ව්‍යවස්ථාව වෙනස් නොකර පුරවැසිභාවය ඉවත් කරගන්නා ලෙස වාසුදේස අමාත්‍යවරයා එම විරෝධය දක්වන ඇමැති පිරිස කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් ඇමැති පිරිසක් කැබිනට් මණ්ඩලයේදී එම අදහස් වලට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව අමාත්‍ය විමල් වීරවංශ සහ විජයදාස රාජපක්ෂ වැනි තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව සිය විරෝධය වක්‍රව ප්‍රකාශ කර තිබේ.

20වන සංශෝධනයට එරෙහි වන ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ට බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සමාජ මාධ්‍ය යොදා ගනිමින් අදහස් පල කරමින් විරෝධයක් ඇති කරමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More