විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩ කඩ සිමා සහිත වී ඇති බැවින් එම පියවර ගත් බවයි.
ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක කාල සටහන් සුදුසු පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවැසුවේ, රට තුළ පවතින වාතාවරණය සමතයකට පත් වූ සැනින් විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...