දේශීය පුවත්

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන දෙක එසේ හුදකලා කළ බවය.

මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

ඊයේ (10) දිනයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම පුද්ගලයින්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

අදාළ ඉදිකිරීම් වැඩබිමේ සිටි පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බට අනාවරණය විය.

ඒ අනුව එම වැඩබිමේ සිටි අනෙක් සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී තවත් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අදාළ වැඩ බිමේ සිටි සේවකයින් 40 දෙනෙකු සහ දේවස්ථානයේ පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More