දේශීය පුවත්

කොවිඩ් පාලනය සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ නීතියක් බවට පත්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් දැක්වු අදහස්, “මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරිම සඳහා රජය විසින් විවිධ තීන්දු ගනිමින් තිබෙනවා. ඒ අනුව රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස් සඳහා නීතිමය වශයෙන් පියවර ගැනීමට මා විසින් තව දින දෙකක් ඇතුලත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර අනුව කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයින් ඇතුලත්වීමේ දී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය හැකි වන ආකාරයටයි.”

“ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වෙනවා,” යනුවෙන් ඇමතිවරිය පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More