දේශීය පුවත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙර මුද්‍රිත කාඩ්පත් මිලදී ගැනීමට සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අදාළ සමාගමට එක් කාඩ්පතක් සඳහා රුපියල් 47ක මුදලක් වැඩියෙන් අය කර ඇති බව වාර්තාවේ.

එහි දී පෙර මුද්‍රිත කාඩ්පත් ලක්ෂ දහයක් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ප්‍රසම්පාදනය හිමි කර ගත් සමාගමට රුපියල් මිලියන 47ක මුදලක් නොගෙවීමට අභ්‍යන්තර ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය රජය සමයේ දී සිදු වී ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදු වී ඇති අධි දූෂණ තත්ත්වය නිසා රජයට රුපියල් කෝටි නවයකට අධික අලාභයක් සිදුව ඇති බව අමාත්‍යාංශය ගණනය කර ඇත. මෙම ප්‍රසම්පාදනය හිමි කරගත් සමාගම එක් කාඩ්පතක් සඳහා මිල නියම කර තිබුණේ රුපියල් 171.50කටය. එහෙත් සිදු වූ දූෂණය හේතුවෙන් එක් කාඩ්පතක් සඳහා රුපියල් 124.50 බැගින් ගෙවීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදු කරන ලදී. ඊට හේතු වූයේ අඩු මිලට ටෙන්ඩර් ඉදිරිපත්ව තිබියදී වැඩි මුදලකට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගමට ලබා දීම නිසා බවද අමාත්‍යාංශය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More