දේශීය පුවත්

පාරිභෝගික අධිකාරිය ආරක්ෂා කිරීමේ නාමයෙන් කුලියට පුවත්පත් සාකච්ඡා තියන පිරිසක් ෆාම්තෙල්  – පොල් තෙල් ජාවාරම් කරුවන්ගේ උවමනාවන් ඉටු කිරීම සඳහා මහජනයාට බොරු කියන බව දිවයිනේ ප්‍රධානපෙලේ පොල් තෙල් නිෂ්පාදකයෙකු වන බුද්ධික සිල්වා මහතා කියයි.

ලංකා ලීඩ් විසින් පළ කරනු ලැබූ පුවතක් මුල් කරගෙන ඔහු එම ප්‍රකාශය කරනු ලැබීය. බදු සහන ලබා ගනිමින් පොල් තෙල් සහ ෆාම්තෙල් රටට ආනයනය කරන්නේ එකම පිරිසක් බවත් ඔවුන් බදු සහන බලා ගන්නා අතර පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කොට විකුණමින් අධික ලාභ ලබන අතර පාරිභෝගිකයා ගසා කනවාට අමතරව ඔවුන් පිළිකා හදන බවද ඔහු කියයි.

එම ව්‍යාපාරයේ යෙදී සිටින ජාවාරම්කාරයින් 3-4 දෙනෙකු රටේ සමස්ථ පොල් තෙල් කර්මාන්තය විනාශ කරන බවත් කුලියට පුවත්පත් සාකච්ඡා පවත්වන පිරිසක් යොදාගෙන ව්‍යාජ පුවත් හදන්නේ මෙම ජාවාරම් මැඩලීම සඳහා පියවර ගැනීම වැලැක්වීමට බවද ඔහු කියයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා උත්සාහ කරන්නේ පාරිභෝගිකයා සහ කර්මාන්තකරුවා යන දෙපාර්ශවයම රැක ගැනීමට බව ඔහු අවධාරණය කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More