දේශීය පුවත්

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වෙමින් මතුවූ කොරෝනා පොකුර නිර්මාණය වීමට හේතු වූ මූලාශ‍්‍රය මේ දක්වාම අභිරහසක් බවට පත්ව තිබේ.

එම ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව පළමු වරට හෙළි වූයේ ඉකුත් 04 වැනිදාය. සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ අංශ මේ සම්බන්ධයෙන් විවිධ මත ප‍්‍රකාශ කරනු ලැබුවද මෙතෙක් ජනතාවට නිශ්චිත තොරතුරක් හෙළි කිරීමට ඔවුහු අසමත්ව සිටිති.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගණන ඉකුත් සිකුරාදා සවස් වන විට 1058 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මේ අතර බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආශි‍්‍රතයන් බවට හෙළි නොවූ තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු පෙරේදා (09 වැනිදා) වන විට හලාවත සහ මීගමුව ප‍්‍රදේශවලින් වාර්තා වී තිබිණි.

හලාවත ප‍්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකු බවද අනාවරණය විය.

මෙම රෝගීන් තිදෙනාටම කොරෝනා ආසාදනය වූ ආකාරයද අභිරහසක් බවට පත්ව ඇත. මේ වන විට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මතුවූ කොරෝනා රැල්ල රට පුරා දිස්ති‍්‍රක්ක 17 ක් දක්වා පැතිර ගොස් ඇති බව රෝගීන් හමුවන අකාරය අනුව තහවුරු වී ඇත.

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ අද (11 වැනිදා) වන විට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මතුවූ මෙරට දෙවැනි කොරෝනා රැල්ල රට තුළ බරපතළ තත්ත්වයක් ඇති කරන අවදානම් සහිත එකක් විය හැකි බවට සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

සෞඛ්‍ය බලධාරීන් පෙරේදා (09 වැනිදා) දහවල් වන විට සඳහන් කරනු ලැබුවේ ඉදිරි පැය හතළිස් අටක කාලය තීරණාත්මක විය හැකි අතර කොරෝනා වෛරසය මෙරට සමාජය තුළට සම්පේ‍්‍රෂණය වී තිබෙද නැද්ද යන්න ඉන් පසුව තීරණය කළ හැකි බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More