දේශීය පුවත්

ෆාම්තෙල් සඳහා පනවා ඇති ආනයන බද්දට වඩා පොල් තෙල් සඳහා පනවා ඇති බදු මුදල අඩු නිසා එය ඉහළ දමා ගැනීමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ෆාම් තෙල් ලීටරයක් සඳහා රුපියල් 250ක බද්දක්ද, ආනයනික පොල් තෙල් සඳහා රුපියල් 150ක බදු මුදලක් අය කරයි.

ඒ අනුව පොල්තෙල් සඳහා පනවා ඇති රුපියල් 150ක බද්ද රුපියල් 290ක් දක්වා වැඩි කරන ලෙසට ප්‍රබල ඇමැතිවරයකුලෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් අධෛර්යමත් වන නිසා බදු මුදල වැඩි කරන ලෙසටයි.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක සිට ෆාම් තෙල්වලට පොල් තෙල් කලවම් කිරීමේ ජාවාරමක් සිදු වීම නිසා එහි බදු මුදල වැඩිකර පොල් තෙල් ආනයනයට අවස්ථාව ලබා දී ඇත.

මෙම තත්ත්වය මත පිලිපීනය, ඉන්දුනීසියාව, ආදී රටවලින් හොඳ තත්ත්වයේ පොල් තෙල් ආනයනය කිරීම නිසා පොල් හිඟය මධ්‍යයේ වුවද පොලේතෙල් මිල ඉහළ නොගොස් පවතී. මෙම තත්ත්වය ෆාම් තෙල් අලෙවියට බලපා ඇති නිසා පොල්වල කුරුට්ට රත්කර ඊට කලවම් කර පොල් තෙල් බව හඟවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More