දේශීය පුවත්

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘදසාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

විසි වන සංශෝධනය මගින් සිදුවන්නේ 18 වන සංශෝධනය පැවැති තැනට ආපසු යන්න නම් එය සිදු නොවිය යුත්තක් බව ද ඔහු පැවසීය.

ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයේ ඇතැම් වගන්ති හොඳ ඒවා බවත් ඇතැම් වගන්ති නරක බවත් පැවසූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ඒ සඳහා වන ඡන්ද විමසීමේ දී  තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් තීන්දු ගන්නේ තම පවුලේ හෝ වෙන කිසිවකුගේ වුවමනා මත නොව ව්‍යවස්ථාව මත යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙරට ජනතාව ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් මිස පැලැස්තර නොවන බවත් පැලැස්තරවලට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More