දේශීය පුවත්

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියක් වන ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටත පෞද්ගලික නවාතැනක නතර වී සිට ඇති බවයි අනාවරණ වී ඇත.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීමත් සමඟ ඇය පසුගිය සතියේ පානදුර පිහිටි තම නිවස වෙත ගොස් පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත.

ඊයේ(09) දිනයේදී මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

අද (10)දිනයේ දී ඇගේ බෝඩින් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට(11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙස උපකුලපතිතුමා දැනුම්දී ඇති බව මහා ශිෂ්‍ය සංගමය දැනුම් දී ඇත.

කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට අවශ්‍ය ආහාර නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් හරහා ලබා දෙනු ලබන බවද ඔවුන් දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More