ත‍්‍රස්තවාදයට අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ආගමික නායකයන් ඇතුළු පාර්ශව කිහිපයක් දැඩිව හෙළා දැක ඇත.
රියාජ් බදියුදීන් මුදාහැරීම හොඳ තීරණයක් බවට පවසමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්ත මහතා පාර්ලිමේන්තුවේදී කර ඇති ප‍්‍රකාශයට ද ඉහත පාර්ශ්ව සිය විරුද්ධත්වය මෙන්ම කනගාටුව ද පළ කර තිබේ.
රියාජ් බදියුදීන් එලෙස මුදාහැරීම හේතුවෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනපති කොමිසමටත් ඉදිරියේ දී අධිකරණයටත් යම් බලපෑමක් ඇති විය හැකි බව ඔවුහු ප‍්‍රකාශ කර සිටිති.
ත‍්‍රස්තවාදයට අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු නිදහස් කරන ලෙස පැවසීම සංවේගයට කරුණක් බවත් රියාජ් බදියුදීන් නැමත්තා මුදාහැරීම තමන් වහන්සේ දැඩි ලෙස හෙළා දකින බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ ද ඊයේ (09දා) මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කර සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අගරදගුරු පදවි මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් කියා සිටියේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතක මෙසේ අදහස් ප‍්‍රකාශ කිරීම එම ගමන් මාර්ගයට යම් බලපෑමක් ඇති කරන්නක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...