දේශීය පුවත්

සෞඛ්‍ය අංශ විසින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර කළමණාකරණය කිරීමේදී ක්‍රියාකළ දුප්පත් ආකාරය පිළිබඳව බරපතල මහජන විවේචන එල්ල වෙමින් ඇත.

මහජනයාට දොස් පවරමින් අප බේරාගැනීමට නොහැකි බවට ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ට අභියෝග කරති.

මේ මිනුවන්ගොඩ වැසියෙකු විසින් පුවත් පත් වලට සිදු කළ ප්‍රකාශයක්…

” කොරෝනා රෝගී කාන්තාව හඳුනාගත්ත දවසේදීම ගාමන්ට් එකේ වැඩ කරන සියලු දෙනාම නිරෝධායනයට ගෙනිච්චා නම් හරි. ඒත් ඒක වුණේ නැහැ. පළමු දවසේ ගාමන්ට් එකේ ළමයි සියයකගේ පී.සී.ආර් පරීක්ෂණ කරලා ස්වයං නිරෝධායනය වෙන්න කියලා ගෙවල්වලට ඇරියා. ඒ සමහර ළමයි පරීක්ෂණ වලට ගියේ, ආවේ පොදු ප්‍රවාහනයේ. සමහර ළමයි තුන් හතරදෙනා එක ත්‍රීවීල් එකේ ගියා, ආවා. ඒ වගේම ඒ ළමයි ගෙවල් වලට ගිහින් මුළුගැන්විලා හිටියේ නෑ. වෙළඳසැල්වලට ගියා. සමහර ළමයි ත්‍රීවීල්වල, බස්වල ගමන් බිමන් ගිහින්. අසල්වාසීන් එක්ක කථාබහ කරලා. අන්තිමේ පී.සී.ආර් පරීක්ෂණය කරපු සීයෙන් හැටනවයක්වත් පොසිටිව් වුණා. දෙවැනි වතාවටත් ගාමන්ට් එකේ තවත් ළමයි එක්දහස් දෙසිය අසූවක් පී.සී.ආර් පරීක්ෂණ කරලා ගෙවල් වලට ඇරලා. ඒ පරීක්ෂණ කරපු ළමයිත් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් පොසිටිව් වෙලා. තවත් අය ගෙවල් වල ඉන්නවා. ඔවුන්ටත් පොසිටිව්ද කියලා දන්නේ නැහැ. ගාමන්ට් රියදුරන්ව පී.සී.ආර් කළාට ඔවුනුත් ගෙවල් වල. ඒ විතරක් නොමයි අසල්වාසීන්, ප්‍රදේශවාසීන්. අපිත් දැන් අනතුරේ. ඒ අවදානම් තත්වය ඇති කළේ සෞඛ්‍ය නිලධාරීන්. ඔවුන්ට තිබුණා මීට වඩා ක්‍රමවත් විදිහට පරීක්ෂ සිදු තරලා රෝගීන් හඳුනාගන්න. අදාළ රෝහල්වලට රෝගීන්ව ආරක්ෂිතව රැගෙන යන්න. එහෙම වුණා නම් රෝගය මෙච්චර පැතිර යන්නේ නැහැ. අදටත් හරියට ඒ කටයුතු සිද්ධ වෙන්නේ නෑ. කොරෝනා රෝගීන් හඳුනාගත්ත පවුල්වල තොරතුරු ගන්න යන පොලිස් නිලධාරීන් මුව ආවරණ විතරයි දාගෙන ඉන්නේ. අත්මේස් දාගෙන ඉන්න පොලිස් නිලධාරීන් දකින්නෙත් කලාතුරකින්. එහෙම රාජකාරියේ නිරත පොලිස් නිලධාරිනුත් අනතුරේ. පොලිස් නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබාදීම, අදාළ රාජකාරී කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිද්ධ කිරීමට උපදෙස් ලබාදීම කරන්න ඕනෑ සෞඛ්‍ය නිලධාරින්. ඒත් ඒ කිසිම සෞඛ්‍ය ආරක්ෂිත…. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More