දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්වයේ 4 වැනි අවධියට පැමිණ නොමැති බැවින් කළබල නොවිය යුතු බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පුවත්පත් වලට සිදු කළ ප්‍රකාශය පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එම ස්ථාවරය ඉන්දියාව සිදුකළ ආකාරයේ බරපතල අනතුරුදායක එකක් බවය. මේ ඔහුගේ වචන,

” ඉන්දියාව අපි තවම 4 වැනි අවධියට පැමිණ නොමැති බව කියමින් නිසි පියවර ගැනීම සතියකින් කල් දැමීම නිසා ඔවුන්ට විශාල වන්දියක් ගෙවීමට සිදු වුණා. හරි වෙලාවට හරි තීන්දු ගන්නේ නැතිව වැඩේ වැරදුණාට පසුව අගමැති මෝදි සමස්ථ රටම දින 30 ක් වසා තැබුවා. එතකොට අශ්වයා ගිහිල්ලා හමාරයි. අපේ රටේ සමාජ සම්ප්‍රේශණයක් නැති බවට එනම් තවම 4 වැනි අවධිය පැමිණ නැති බවට ස්ථීරවම කියන්න නිෂ්චිත දිනයක් එන්නේ නැහැ. දැන් එම ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙන්නේ. ස්පර්ශකයින් හෝ සම්පනමයින් ලෙස රෝගියෙකු හඳුනාගත නොහැකි ආසාදිතයින් හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ සමාජ සම්ප්‍රේශණ ක්‍රියාවලිය ආරම්භ වෙලා. දැන් සමස්ථ රටම සතියක වහලා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු, දෙවන, තෙවන ආදී පොකුරු සියල්ල හඳුනාගත යුතුයි. දැනටමත් PCR කරපු අය ගෙදර යවලා සෞඛ්‍ය අංශ ලොකු වරදක් කරල තිබෙනවා. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More