දේශීය පුවත්

ආණ්ඩුවේ පෙන්වාදෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට නොයන්නේ නම් ආණ්ඩුව පලවා හරින්නට කටයුතු කරනවා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (08 දා) පැවසූහ.

වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා පැවිදි හඬ සංවිධානය කටයුතු කළේ කිසිදු තනතුරු හෝ වරදාන ලබාගැනීමට නොවන බවත් එකම අපේක්‍ෂාව වූවේ රටට, ජාතියට හිතකර ආණ්ඩුවක් පත්කර ගැනීම බවත් උන්වහන්සේ අභයාරාම විහාරස්ථානයේ ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූහ.

වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ද කීහ,

පැවිදි හඬ සංවිධානය ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩුව රටට හා ජාතියට ගැටලූ ඇතිවන ලෙස රටේ පාලනය ගෙනගිය නිසා එය නතර කිරීමටයි. මේ ආණ්ඩුව පත්කිරීමට කැපවී කටයුතු කළ අය වෙනුවට වෙනත් අයගේ උපදෙස් අනුව කටයුතු කරන බවක් පේන්න තියෙනවා. අපි හදපු ආණ්ඩුව අපි රැුකගන්න ඕනෑ. ඒ

වගේම අපි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නුවම ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යෑම කළ යුතුයි. අපි ආණ්ඩුව හැදුවට ආණ්ඩුවට ළංවෙලා ඉන්න අය අහසට පොළොව වගෙයි. ආණ්ඩුව වැරදි මාර්ගයේ යන බව අපිට පේන නිසා එය නිවැරදි කිරීම අපේ වගකීමක්. භික්ෂු බලය අවතක්සේරු කරන්න එපා. හොද්දට දාපු කරපිංචා කොළය වගේ ඉවත දමන්න හදන්න එපා.

ආණ්ඩුව පීලි පනිනවා නම් එයට එරෙහිව කටයුතු කිරීමට අපි පසුබට වන්නෙ නැහැ. අබමල් රේණුවක වැඩක් නොකරපු අය ආණ්ඩුවේ ඉදිරියෙන් ඉන්නේ. ධනය, ශ‍්‍රමය කැපකරපු අය අමතක කරමින් යනවා. මේ අයගෙන් පරිස්සම් වෙන්න කියලා ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් අපි ඉල්ලා සිටිනවා. හොඳට හොඳයි නරකට නරකයි කියන සංකල්පයෙන් අපි කටයුතු කරනවා.

බෙල්ලන්විල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ,

මහා සංඝරත්නය කියන්නේ බරව කකුලක් වගේ නොවෙයි. මහා සංඝරත්නය එකතුව වැඩ කළොත් මහ ශක්තියක් වෙනවා. සමහරු හිතනවා අටපිරිකරක් පූජා කරාම හරි කියලා. එහෙම හිතන්න එපා කියලා කියනවා.

රටේ නිලධාරීවාදයක් තියෙනවා. ඒකෙන් මිදෙන්න ඕනෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉවත් කරලා තියෙනවා. ඔහුට කිසිම චෝදනාවක් නැහැ. තියෙනවා නම් කියන්න.

රිෂාඞ් බදියුදීන් මහතාගේ මල්ලි නිදහස් කරලා තියෙනවා. ඒක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පිටින් යවලා හරියන්නෙ නැහැ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශයකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින කෙනෙක් නිදහස් කරන්න බැහැ. මේ පිටුපස කවුරු හෝ සිටිය යුතුයි. ඔහු කවුද කියා රටට හෙළි කරන්න.

20 වැනි සංශෝධනයට අපි විරුද්ධ නැහැ. රටක් පාලනය කරන්න නායකයෙක් සිටිය යුතුයි. රජ කාලේ වුණත් රට පාලනය කරන්න රජෙක් හිටියනේ. 19 වැනි ව්‍යවස්ථාව කොහොමත් රටට හොඳ දෙයක් නොවෙයි. ඒක වෙනස් කළ යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More