දේශීය පුවත්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඒ බව සඳහන් කළේය.

මේ අතර, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විශබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර ඇත.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්කවා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට සියලු කයුතු සූදානම් කර අත.

ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More