දේශීය පුවත්

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි, ජුවානා එලේනා රාමොස් රොඩ්රිගුවේස් මහත්මිය අතර විශේෂ හමුවක් පැවැත්විණ.

අසහාය විප්ලවීය නායක මෙන්ම සමාජවාදී කියුබාවේ ප්‍රථම කර්මාන්ත අමාත්‍ය ධුරය හෙබවූ චේ ගුවේරා ශ්‍රී ලංකාවට පැමිණ ඔක්තෝබර් 8 වන දිනට වසර හැටඑකක් පිරීම නිමිත්තෙන් මෙම හමුව සිදුවිය.

එවන් දිනයක තම රටෙහි ඉතා සමීප මිත්‍රයෙකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍ය ධුරය දරමින් සිටියදී ඔහු හමුවීමට ලැබීම තම ඉමහත් සතුටට කරුණක් වූ බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි, ජුවානා එලේනා රාමොස් රොඩ්රිගුවේස් මහත්මිය පවසා ඇත.

මෙම හමුව කොල්ලුපිටිය, ගාලු පාර, 73/1, ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

චේ ගුවේරා සහෝදරයා කියුබාවේ කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනැඟීම සඳහා ඉටු කළ යුග මෙහෙවර බඳු යුග මෙහෙවරක් ශ්‍රී ලංකාව තුළ ඉටුකිරීමට විමල් වීරවංශ මහතාට ද හැකිවනු ඇති බවට කියුබානු තානාපතිනිය විශ්වාසය පළ කළාය.

ඇමරිකාව වැනි ලෝක බලවතුන් කොරෝනා වසංගතය හමුවේ අසරණව ඇති මොහොතක සමාජවාදී කියුබාව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මුවවිටෙහි සිටිමින් ඊට සාර්ථකව මුහුණදීම පැසසුම් කටයුතු බව පැවසූ විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව ද කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීමට සමත්ව ඇති බව ද සඳහන් කළේය.

තම රටේ ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් දේශීය නිෂ්පාදනයන්ට ඔවුන් යොමු කරවමින් චේ ගුවේරා සහෝදරයා කියුබාව තුළ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි සිදු කළ විප්ලවීය වෙනස තමන් අධ්‍යයනය කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ද එවන් වෙනසකට පාර කැපීම තම අභිලාෂය බව පැවසූ වීරවංශ අමාත්‍යවරයා ඒ සඳහා සමාජවාදී කියුබාවෙන් මෙලෙස ලැබෙන දිරිගැන්වීම අගය කරන බවත් වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාවුල් ෆිගේරා, ශ්‍රී ලංකාවේ බ‌ොලිවේරියානු සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More