දේශීය පුවත්

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යහපාලන රජය තමන් ඊට සුදුසු බව සැලකුවද වර්තමාන රජය තමා නුසුදුස්සෙක් ලෙස සලකා තිබෙන බව හැඟී යන බව ඔහු කියා සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් දේවල් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි සංශෝධනයට ඇතුල් කර තිබුණද 20 වැනි සංශෝධනයේ අනර්ථකාරී දේවල් ද පවතින බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ඒවා මෙම සංශෝධනයෙන් ඉවත්විය යුතු බවට තමන් අවධාරණය කර තිබෙන බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More