දේශීය පුවත්

ආණ්ඩුව ගෙන ඒමට විශේෂයෙන්ම දරදිය අදිනු ලැබුවේ ස්වාමීන්වහන්සේලා ඇතුළු ජාතික බලවේග බවත්, දැන් එම පිරිස් ඉතාමත් කලකිරීමකින් සිටින බවත් මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර සිටියේය.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටි රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයාව නීතිපති උපදෙස්වලින් තොරව හා අධිකරණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පොලිසිය විසින් නිදහස් කිරීම හරහා පාස්කු ප්‍රහාරයට ලක්වූ පවුල්වලට දැඩි අසාධාරණයක් වන බව උන්වහන්සේ අවධාරණය කරනු ලැබූහ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතලම කාරණය වන ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ දැඩි විවේචන පවතින බවත් රටට වැඩකරන්න යම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් ද්විත්ව පුරවැසිකමින් ඉවත්ව මහජන චන්දයෙන් තේරී පත්ව පාර්ලිමේන්තුවට යා හැකි බවද උන්වහන්සේ අවධාරණය කළහ.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඇතිවූ ආකාරය පිළිබඳව පවතින මතිමතාන්තර පිළිබඳවද නිවැරදි පරීක්ෂණයක් සිදුවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එසේම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම තනතුරෙන් පහත හෙළීම පිළිබඳවද අප්‍රසාදය පළ කර උන්වහන්සේ කියා සිටියේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා අනුමත කළ නොහැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More