දේශීය පුවත්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ පුද්ගලයන් දෙසිය පනහකට ආසන්න පිරිසක් මේ දක්වා ආගිය අතක් නොමැති බව ආරක්‍ෂක අංශ සදහන් කරයි.

මෙම පිරිසේ පුද්ගලයන් ආයතනයට ලබා දුන් ලිපිනයන් බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශය සතුව තිබුණද අදාළ ලිපිනයන්හි එකී පුද්ගලයන් නොමැති බව ආරක්‍ෂක අංශ සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ හේතුවෙන් අදාළ පුද්ගලයන් සම්බන්ධීකරණය කර ගැනීම ස`දහා විශේෂ දුරකථන අංකයක් හ`දුන්වා දීමටද යුද හමුදාව ඊයේ (08 වැනිදා* කටයුතු කරනු ලැබීය.

ඒ අනුව මෙතෙක් ඉදිරිපත් නොවූ බ‍්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සිටී නම් 011 3456548 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙස යුද හමුදාව අදාළ පිරිස් වෙත දැනුම් දී සිටියි.මේ වන විට එසේ ආගිය අතක් නොමැතිව සිටින බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සොයා ආරක්‍ෂක බුද්ධි අංශ විසින් විශේෂ මෙහෙයුමක්ද අරඹා තිබේ.

මෙසේ තොරතුරු සගවා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව අද (09 වැනිදා* සිට නිරෝධායන නීතිය යටතේ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (08 වැනිදා) පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More