අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධවීමට අවසර ඉල්ලා සිටියදීත් ඒ සඳහා සම්බන්ධ කර නොගැනීම සහ යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදීම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්‍රබලව හේතු වූ බව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) පළමුවරට සාක්ෂි ලබාදෙමිනි.
කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටින විශ්‍රාමික යුද හමුදාපතිවරයා සජීවි වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් මෙම සාක්ෂි ලබාදීම සිදු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...