දේශීය පුවත්

පුල්මුඬේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදුු කළ අනාවරණය කෙරෙහි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ.

ඒ අනුව තම අමාත්‍යාංශයට අයත් ‘ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට්‘ ආයතනයේ පුල්මුඬේ යන්ත්‍රාගාරයේ සිට ඉහත අනාවරණයෙහි සඳහන් දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය වෙත ඛනිජවැලි නිකුක් කිරීම වහා අත්හිටුවීමට අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

එසේම ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනය ඉල්මනයිට් සහිත ඛනිජවැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලන ලෙස ද උපදෙස් ලබා ඇති අමාත්‍යවරයා ‘දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නය’ සහ ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.

 

සබැදි පුවත් –

රිෂාඩ්ගේ ගෝලයින්ගේ ඛණිජ වැලි සමාගම් නිසා දඹුල්ලේ ජනතාවට පිළිකා අවධානමක් – මහාචාර්ය අතුල සේනාරත්නගේ සොයා ගැනීමක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More