මිනුවන්ගොඩ පොලීසිය අද (08) දහවල් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඒ, මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙනි.
සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔහුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇත්තේ, ඔහුගේ පුතාගෙන් බවය.
ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන අතර ඔහුට ද වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.
මේ වන විට මිනුවන්ගොඩ පොලීසියේ සිටි නිලධාරීන් සියලුදෙනා නිරෝධායනයට යොමුකර ඇති අතර, එම පොලිස් ස්ථානයේ වැඩ ආවරණය කරනු ලබන්නේ, ගම්පහ පොලිස් ස්ථානයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...