දේශීය පුවත්

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීතිවිරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් බදුර්දීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෑමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී එහි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ විස්තර අධිකරණය හමුවේ සඳහන් කර සිටි නීතිඥ චන්ද්‍රසේන මහතා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් පෙබරවාරි මස නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 22 වන දා කැඳවීමට නියම කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More